පසුගියදා සියදිවි නසාගත් දසුන්ගේ කතාවත් මියුසික් වීඩියෝ එකට අරගෙනද?








පසුගිය කාලයේ ලංකාවේ ප්‍රසිද්ධ චරිත වල පුද්ගලික ජීවිතය යොදා ගනිමින් කළ මියුසික් වීඩියෝ නිර්මාණ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර දැඩි කතාබහක් ඇති වුණු අතර ඒ නිර්මාණ වලට බොහෝ දෙනෙකුගේ අකමැත්තක් ඇති බව පෙනී ගියා. නමුත් එහි උණුසුම යන්නටත් පෙරම තවත් ප්‍රසිද්ධ චරිතයක කතාවක් යොදා ගනිමින් නිර්මාණය කලා යැයි කියන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වෙනවා.



මේ පිළිබඳව අදහස් දක්වන සමාජ ජාල භාවිතා කරන්නන් පවසන්නේ පසුගිය දින කිහිපයේ කතාබහකට ලක් වූ සියදිවි හානි කරගත් ජනප්‍රිය නළු දසුන්ගේ ජීවිත කතාව මෙලෙස නිර්මාණය කර තිබෙන බවයි. කෙසේ වෙතත් එය තීරණය කිරීම ඔබට බාරයි

Comments