පුංචි කිරිකටියාගේ ජීවිතය නැති කල පියා කරපු අපරාදය මෙන්න.

සෙවනගලම පදිංචි හික්කඩුව විතානගේ අසංක නැමිති 36 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ දිනයේ ( 17 ) අදිකරණය විසින් දඬුවම් නියම කළා.ඒ මාස නවයක් වයසැති තමාගේ පුංචි දරු පැටියා බිත්තියේ ගසා මරා දැමීම හේතුවෙන්.පවුල් ආරවුලක් නිසා සිදු වූ මේ සිද්දිය සිදුව තිබෙන්නේ 2007 ඔක්තොම්බාර් මස 21 වැනිදා.

මේ ආරවුල සිදු වූ අවස්ථාවේ ඒ කුඩා දරුවා හඬමින් සිට තිබෙනවා..ඒ හඬන තරහට කුඩා දරුවා බිත්තියේ ගසා තිබෙන බවයි පරීක්ෂණ වලින් වාර්තා වන්නේ.කෙසේ වුනත් සිද්දිය සම්බන්දයෙන් අත්තඩංගුවට ගැනුන එම පියා මාස තුනක් පමණ රිමාන්ඩ් කර තිබුනා.පසුව ඇප මත මුදා හැර තිබෙනවා.හිරෙන් නිදහස්වූ මේ පුද්ගලයා පසුව නැවතත් විවාහයක් කරගෙන තිබෙනවා.

දරුවාගේ මරණය සම්බන්දයෙන් වසර 10ක් පුරාවට පැවැත්වූ නඩුව ඊයේ දිනයේදී ඔහු වැරදිකරු බව සනාථ කෙරුනා.ඒ මොනරාගල පළාත්බද මහාදිකරන විනිසුරුතුමිය විසින්.

Comments