කැලයට ගිය සිසුවියන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනාට අවසානෙට නොසිතු දෙයක් වෙලා



කළුතර නගරයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු කැලෑවට රැගෙන ගිය එම පාසලේ ඉගෙනුම ලබන අවු 15 සහ 16 වියෑති සිසුන් දෙදෙනකු කළුතර පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම දෙදෙනා සමඟ කැලෑවට ගිය දැරියන් දෙදෙනා නිවසට යැමට බියෙන් කැලෑවේ සැඟවී සිටියදී ඉකුත් 26 වැනිදා ගම්වැසියන් විසින් ඔවුන් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (28 දා) වන විට ද මෙම දෙදෙනා රෝහල්ගත වී ඇතැයි දකුණු කළුතර පොලිසිය පවසයි.
මෙම ශිෂ්‍යයන් දෙදෙනා ශිෂ්‍යාවන් දෙදෙනා සමඟ පෙම් සබඳතාව පවත්වා ඇතැයි ද එහි ප්‍රතිඵලයක්‌ ලෙස කැලෑවට ගොස්‌ ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම ශිෂ්‍යයන් දෙදෙනා පරිවාසගත කිරීම සඳහා පරිවාස නිලධාරීන් වෙත යොමුකර තිබූ අතර ඊයේ (28 දා) සවස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබි‚.
කළුතර උතුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සම්පත් බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ පිට කළුතර දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා සංජීවනී පතිරණ මහත්මිය පරීක්‍ෂණ පවත්වයි.
මේ අතර ළමා රැකවරණ හා ලිංගික අපචාර සිද්ධීන් වළක්‌වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව කළුතර දිස්‌ත්‍රික්‌කයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද දෙමාපියන් ද දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක්‌ කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් ආරම්භ කර ඇත
වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ පහළ photo එක මත ක්ලික් කර යායුතුය.
උපුටා ගැනීම gossipvid.com

Comments