වීඩියෝව ප්‍රසිද්ධ කළාට පොලිස් නිළධාරින්ට අල්ලස් දෙනන හැදූ තරුණියගෙන් රතු එළියක්



පසුගියදා තරුණියක් විසින් පොලීසියට අල්ලස් ලබා දීමට උත්සාහ කලායැයි අන්තර්ජාලයට නිකුත්කල වීඩියෝව පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා.

රථවාහන නීති  උල්ලංඝනය කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් පොලිස්
නිළධාරියා විසින් මෙම තරුණිය පැමිණි මෝටර් රථය නවතා තිබුනා. එම අවස්තාවේදී තරුණිය විසින් රූගත කිරීමට යාමට පරක්කු වන බව පවසා පොලිස් නිළධාරියාට මුදල් ලබා දෙන අන්තර්ජාලය එක්කර තිබූ වීඩියෝවේ සටහන්ව තිබුනා.

එම අවස්ථාවේදී තරුණිය විසින් එය වීඩියෝ කරන්නේ ඇයිදැයි විමසූ විට සාක්ෂි වශයෙන් මෙම සිදුවීම පටිගත කරන බවයි පොලිස් නිළධාරියා කියා සිටියේ. නමුත් මෙම වීඩියෝව පසුව අන්තර්ජාලයට එක්කර තිබුනා.

මෙම වීඩියෝම මුලින්ම අන්තර්ජාලයට එක්කර තිබුනේ  ඒ යූ.පී. දිසා නම් පොලිස් නිළධාරියෙකු විසින්. නමුත් ඔහු විිසින් පසුව එම වීඩියෝව සමූහයෙන් ඉවත් කර තිබුණද ඒ වන විටත් බොහෝ දෙනා එම වීඩියෝව Download කර වෙනත් සමාජ ජාලා වල පලකර තිබුනා.

මෙම සිද්ධිය  පොලිස් කොමිසමේ අවධානයට යොමුකරන බව අදාල තරුණියගේ සමීප ආරංචි මාර්ග මගින්  දැනගන්නට ලැබුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව මෙවැනි වීඩියෝ පට ප්‍රසිද්ධ කිරීමට කිසිදු පොලිස් නිලධාරියෙකුට අයිතියක් නැහැ.

වීඩියෝව නැරබීමට පහත රුපය හෝ වීඩියෝව  ක්ලිච්ක් කරන්න

Comments