මිනිසා අමරණීය කළහැකි රහසක් විද්‍යාඥයින් සොයාගනියි.

විශ්වාස කරන්න, ශරීරයේ වූ පැරණි සෛල නැවත අලුත් සෛල බවට පත්කළ හැකි ක්‍රමයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. මෙම සොයාගැනීම නිසා මිනිසාට සදාකාලික ජීවයක් පිළිබඳව බලාපොරොත්තු තබාගන්නට පුළුවන් වේවිද ? අද අපි ඒ පිළිබඳව කතාකරමු.වියපත් වීම යනු අපේ ජීවිතයේ ස්වභාවික ක්‍රියාවලියක්. එම ස්වභාවික නීතියට සැමට යටත්වීමට සිදුවෙනවා. වියපත් වීමෙදී වෙනස් වන්නේ අපේ පෙනුම පමණක් නොවෙයි. ශරීරයේ වූ සෛලද වියපත් වී අපිව ලෙඩරෝග වලට පහසුවෙන්ම ගොදුරුවීමට සලස්වනවා. මොහොතක් සිතන්න, වයසට පත්වීමේ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් තිබුනොත් එය කෙතරම් අගනේද ? එවිට සදාකාලික තරුණ බවකින් යුතුව වාසය කරන්නට පුළුවන්.මෑතකදී සිදුකරනු ලැබූ නවතම අධ්‍යයනයකට අනුව සාදාකාලික ජීවනය යතාර්ථයක් බවට පත්වීමට යම් හැකියාවක් තිබෙනවා. අප ශරීරයේ වූ සෛල එක්තරා වර්ධනය අවධියකට අවතීරණයවූ විට, බෙදීම සහ වර්ධනය වීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. නමුත් තරුණ සෛල සැමවිට බෙදෙමින් පවතිනවා. සයිලයක් එහි ආයු කාලයේ අවසාන අවස්ථාවට පැමිණි විට එය Senescence ලෙස හඳුන්වනවා.එක්සේටර් විශ්වවිද්‍යාලයේ සහ බ්‍රයිටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින්, ආයු කාලය අවසන් වූ පැරණි සෛල නැවත තරුණබවට පත්කලහැකි ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. එවිට එම සෛල තරුණ සෛල මෙන් බෙදෙමින් සහ වර්ධනය වෙමින් පවතීවි.වයසක පුද්ගලයින්ගේ ශාරීරික ඉන්ද්‍රියයන් වල Senescent සයිල හොඳින් කැපී පෙනෙනවා. සයිල බෙදීම නතරවූ විට එය පිළිකාවන් වලට ගොදුරු වීමට ඉහල අවදානමක් පවතිනවා. නමුත් Senescent සයිල නැවත බෙදීමට සලස්වන ක්‍රමයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. සඳහා ඔවුන් භාවිතා කර තිබුනේ “Resveratrol Analogues” ලෙස හඳුන්වන සුවිශේෂී රසායනිකයකි. එම රසායනිකය ඩාක් චොකලට්, රතු වයින්, රතු මිදී සහ බ්ලුබෙරී වැනි ආහාර වලද දැකගන්නට පුළුවන්.වැඩිදියුණු කරනු ලැබූ එම රසායනික සංයෝගයට පැය කිහිපයක් ඇතුලත ශරීරයේ වූ සෛල තරුණ සයිල බවට පත්කිරීමට හැකියාව තිබෙනවා. ඉන් අදහස් කරන්නේ එම සෛල තරුණ සෛල සේ හැසිරෙමින් බෙදීම සිදුකරන බවයි. පර්යේෂණය තවමත් පවතින්නේ මුලික අපේ අදියරේ. නමුත් අනාගතයේදී සෛල තිරිහන් කරන අමරණීය ඖෂධයක් ඔබට මිලදී ගන්නට හැකිවේවි.මිය යමින් තිබෙන සෛල නැවත තිරිහන් කරගැනීමට හැකිවුනොත්, මිනිසාට පහසුවෙන් අවුරුදු 150ක් 200ක් හෝ සදාකල් වුනත් ජීවත් වීමට හැකිවේවි. වැඩි විස්තර සහිත Videoව පහල Click කර බලන්න>>

Comments