වාහන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙයි ?

2018 අය වැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.මෙම භාණ්ඩ දැනට රජයේ මිල පාලනයට යටත් කර ඇති භාණ්ඩ වර්ග බවද කියැවෙයි.

මේ හැර සීසී 1000ට අඩු කාණ්ඩයේ කුඩා වාහන වර්ගවල මිල ඉතා සුළු වශයෙන් අඩුවීමට ඉඩ ඇතැයිද කියවේ.බොහෝවිට වාහන සඳහා නියම කෙරෙන බදු ඉදිරියේදී කිසියම් මිල සූත්‍රයක් අනුව අය කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

මේ අතර පෙට්‍රල් හා ඩීසල් මිලද සැලකිය යුතු ප්‍රමණයකින් අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.පසුගිය සමය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ ලාභය මීට හේතුවී තිබේ.මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් මස 9 දා ඇය-වැය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments